EVOCO - Wisdom Part Timers' Batch Party

Covers every aspect of Youth, Virtually.

Request Team XY to cover your event?

The Eternal Voyage | Beginning

The Eternal Voyage Beginning



The Eternal Voyage Beginning
Click here to read this in Sinhala !
It’s going to be raining soon. Sky looks heavy with soaked grey clouds. I feel a slight shudder from the floor which signals that the ship is going to launch to the vast blue see at any moment now. I cannot explain the exact feeling I’m having in my insides at the moment. It’s something between the excitement and tension. I rub my palms together to add more enthusiasm to my being. The voyage is about to begin!

I hear the excited hustle outside the ship of people saying good bye to their loved ones. I should go outside although I know that there won’t be anyone out there waiting for me. I look at my reflection on the mirror. A lean figure silhouettes in the mirror against a background of shining wooden walls of the ship. A long midnight blue frock flows smoothly to the floor draping the figure down to the ankles. I know that although I may not be a stunning beauty, I am not at all an ugly person. The reflection in the mirror smiles at me. I try to read what is written on that pale face that is staring at me with a thoughtful look. I see a hidden sparkle in the depth of those big black eyes. While an audible sigh escapes to the air, I turn away from the mirror and step out to the deck of the ship.

I silently watch the crowd in the deck of the ship. Young, old and middle aged; pretty, ugly and moderate; white, black and brown; smiley, teary and poker faced; men, women and those who the sex is not distinct… There are human beings in every possible way.

I hear a number of different languages are being spoken. I close my eyes and try to understand what is being said. When the voices of different languages get mixed with the whisper of the sea wind a universal language forms instantaneously. There are no different languages in this ship. What everyone says, everyone understands.

I go to the edge of the rails and peep at the beautiful sea underneath. The waves are rhythmic and sing a song of their own in a ghostly voice. The dances on the crystal surface of the see smoothly to the rhythm of the waves. The gush of the salty wind sweeps the hair off my face. I’m happy!

The ship slowly begins to move in to the deep blue waters. I look at the horizon. The sky is clear. Sea birds roam around making beautiful patterns against the clear blue sky. I look at the passengers still bidding farewell to their loved ones. I feel a knot in my throat. It’s one of those feelings you get when you are about to cry. But long ago in a dark stormy night, I cried myself to sleep promising to my own broken heart that I will never cry again for feelings. Feelings betray us in every chance they get. So why waste our tears on that. I am not going to give up that golden principle for a moment of weakness. I move my eyes to the land that keeps getting smaller when the ship takes on speed.

The shadows of the hills are still visible. A soft veil of mist covers the vision of trees and the greenery. Loads of memories come flooding to my mind. I see a girl next to me. She looks nothing more than the early twenties. The baby she is holding is shriveled and moaning painfully in his baby words. I see a past of torment in both the kids and mother’s eyes.

Although I love making sad people smile, I love being with happy people better. I leave the sad mom and kid to look at the sea and grieve and go into the middle of the deck of the ship. There are no classes or different stories in this huge wooden fish. All in a same class. A little running kid suddenly comes to me and hugs me, then laughs hysterically and runs away. There is always something divinely beautiful about kids. They don’t pretend. If they are happy they smile and if they are sad they cry. Simple as that.

I keep walking through the crowd. I see a family of dirty blond heads eating what seems to be like a bad version of a biscuit. They seem happy for what they got. Slightly fat mother has her head on the father’s shoulder. He keeps stroking her hair unconsciously while thoughtfully munching away the big biscuit he has in his hand. For some reason this scenery makes me smile.

The Eternal Voyage I take a sweeping look at the whole crowd in the deck. We are almost in the middle of nowhere now in the sea. No land to be seen in either of the sides. I walk to the rear end of the ship. I see the middle aged fat captain checking in to some device constantly looking at the sky and the horizon.

“Good morning captain!” I greet him cheerfully.
“What’s so good in this little missy?” he replies. He has this strong indifferent air in him. May be the long years in the middle of the sea fighting with waves and storms has toughened him up.
“Will it take long for us to reach the final destination?”
“Well my lady…” he strokes his long beard. “We can never say, can we?”
I sense a long long voyage. That goes up to the eternity.
I walk into my cabin and sit at the table. My hand reaches for ink and a quill. There’s a high stack of papers near me. I take a fresh paper and mark the day.

22nd June 19..
“The Eternal Voyage”


The Eternal Voyage Beginning
අහස වැසි වසින්නට අර අදී. පෙඟුණු අඳුරු වළා ඇතිරුණු එය තෙතබරිත ව නොඉවසිල්ලෙන් සුසුම් හෙලයි.එක් වරම පොළවෙන් පයට දැනෙන සියුම් කම්පනයෙන් සන් කරන්නේ නෞකාව නොබෝ සැනෙකින් විසල් නිල් දියඹට දියත් කෙරුමට සුදානම් බවයි. උණුහුමක් සමගම මෙවෙලේ හිතට දැනෙන හැඟුම ඒ හැටියෙන්ම පැවසුමට මා අසමත්ය.චකිතයත් උද්යෝගයත් මුහුවුණු මොකද්දෝ හැගීමකින් සිත පිරී ඇත.තව තවත් උද්යෝගය හිතට ඇති කෙරුමට මම මගේ දෑත් එකට පිරිමදිමි.නොනිමි සැරිසර ඇරඹුමට සියල්ල සූදානම්ය!

තම සමීපතමයන්ට සමුදෙන මගීන්ගේ කලබල හඬ මට ඇසේ. මා වෙනුවෙන් කිසිවෙකුත් පිටත බලා නොසිටින බැව් දනිතත් මා පිටතට යා යුතුය.අසල කැඩපතෙන් පෙනෙන මගේම පිළිඹිබුව දෙස මම බලමි.නෞකාවේ දිදුළන දැව බිත්ති පසුබිමක සිටින හීන්දෑරි සිරුරක් මට පෙනේ.සිරුරට වාත්තු වුන නිල් දිගු ගවුම පොළව සිඹී. සුරූපිනියක නොවුවද මා අවලස්සන නොවන බව මම දනිමි. කැඩපතේ පිළිඹිබුව මා හා සිනාසේ.කල්පනා සහගතව නෙතු සලන ඒ සුදුමැලි මුහුණ කියැවුමට මම තැත් දරමි.ඒ විසල් අඳුරු නෙතු ගැඹුරේ සැඟවුණු දීප්තියක් නලියන බව පෙනේ.සියුම් සුසුමක් වා තලයට මුසුවෙද්දී මම අනෙක් පස හැරී නෞකා තට්ටුව වෙත පිය නගමි. නෞකාවේ එක් කොණක හිඳ එහි මෙහි සැරිසරන ජනකාය මා නිහඬව නරඹමි. තරුණ, මහළු, මැදිවයස් ; සුන්දර, අසුන්දර, මැදි පෙනුමැති; සුදු,කළු,දුඹුරු; සිනහසෙන, හඬන, හිස් මුහුණු; ගැහැණු,පිරිමි, දෙකටම අතරමැදි...! විය හැකි හැම අයුරකම මිනිස් ජීවිත මා හට පෙනේ.

නේක විධ බස් වලින් තෙපුලන හඬවල් ද එක්වී මවන්නේ අමුතුම සංගීතයකි. කුමක් හෝ ඇසෙන දෙයක් තේරුම් ගැනීමට මම නෙත් වසා ඇහුම්කන් දෙමි. සියල් භාෂාවන් ද සමග මුහුදු සුළඟද මුසුවී එක් වර තැනෙන්නේ විශ්වීය භාෂාවකි. වෙනස් භාෂාවන් මේ නෞකාවේ නැත. සියලු දෙනාම පවසන දේ සියල්ලන්ටම ආයාසයකින් තොරව වැටහේ.

නෞකාව වටාම කැටයම් කල යකඩ වැටකි. මම සෙමෙන් ඒ අසලට ගොස් පහල ඇති නිල් ජල තලයට එබෙමි. තාලයකට ගැසෙන රළ ගුප්ත තාලයක ගීයක් ගයයි. නිහඬ නෞකාව පලිඟු තලයක් වන් ජලය මත රැලි වල තාලයට සියුම් රැඟුමක් මවයි.දඟකාර සුළඟ විත් මගේ හිසකේ නළවයි. මගේ සිත සතුටින් පිරී ඇත. නෞකාව සෙමෙන් තම ගමන අරඹයි.මම ඈත ක්ෂිතිජය දෙස බලමි. අහස පැහැදිලිය.නිල් අහස පසුබිමින් රටා මවමින් මුහුදු කුරුල්ලෝ සරති. තවමත් ඇඟිලි තුඩින් සිටගනිමින් තම ආදරණීයයන්ට සමුදෙන පිරිස දෙස මම නෙත් යොමමි. විස්තර කරන්නට අපහසු හදවත ගැලවී ගුලියක්ව උගුරේ සිර වුණාක් වැනි හැඟුමක් මට දැනේ.එය හඬන්ට ලං වූ විට දැනෙන හැඟුමක් යයි මට මතකය.නමුත් අතීතයේ එක් දෛවෝපගත දිනක කඳුළු ගංගාවක් අතරෙන් තවත් නම් හැගුමන් වෙනුවෙන් නොහඬන බවට මගේම බිඳුණු හදවතට මා වුනු පොරොන්දුවක් ඇත.හැකි හැම විටම අපව පාවා දෙන හැඟුමන් වෙනුවෙන් කඳුලක් හෙලීම නිකරුනේ වන නාස්තියක් නොවෙද? එක් මොහොතක කුඩා හැගුමකට මම මටම වූ ඒ පොරොන්දුව කැඩිය නොහැක.නෞකාවේ වේගයත් සමග එන්න එන්නම කුඩා වන ගොඩබිම දෙස මම නෙත් හෙලමි.

ඈත කඳු වල චායාවන් තවමත් පෙනේ.සුමුදු මීදුම් සේලයකින් ගොඩබිම හරිත තීරයම වැසී ඇත.මතකයන් එකින් එක මගේ හිතට ගලාගෙන එයි.මා අසලම සිටින තරුණිය දෙස මම බලමි.ඈ මගේම වයසේ වැන්න.ඈ ඇත දරා සිටින හැකිලුනු දරුවා වේදනාවෙන් කෙඳිරි ගායි.මවගේත් දරුවාගේත් නෙත් වලින් පෙනෙන්නේ දුකම පිරුණු අතීතයකි. හඬන මිනිසුන්ට හැකිනම් සිනහවක් දීමට මම කැමති නමුත් මා වඩාත්ම රුචි සතුටින් පිරුණු මුහුණු දැකුමටය.සොවින් තැවෙන මවත් දරුවාත් මදකට අමතක කර මම නෞකාවේ මැදට පය තබමි.මේ විසල් නැවේ කිසිදු තැනක පන්ති වෙන් කර නැත.එක්වරම දිවගෙන ආ කුඩා දරුවෙක් මොහොතකට මාව වැළඳගෙන මහා හයියෙන් සිනහ සී යලි පැන දුවයි.මොකද්දෝ දිව්‍යමය අරුමයක් මේ පොඩ්ඩන්ගේ මම දකිමි.සතුටේදී සිනහසෙන උන් දුකේදී හඬති.ජීවිතය එතරම්ම සරලය.

The Eternal Voyage Beginning මම තව දුරටත් සෙනග අතරින් පිය මනිමි. කර වුනු පාන ගෙඩියක් සතුටින් බුදින කිලිටි හිසකේ ඇති පවුලක් ළඟ මගේ නෙත් නවතී.මදක් තරබාරු මව සිය හිස පියාගේ උරහිසින් තබාගෙන ය. එක් අතකින් සිය පාන් කැබැල්ල කන විට ම ඔහු නොදැනුවත්වම සිය අනෙක් ඇතින් ඇගේ හිස අතගායි. මේ දසුන කුමන හෝ හේතුවකට මගේ මුවගට සිනහවක් නංවයි.

මම නෞකාව වටාම එක් විට බැල්මක හෙලමි.දැන් ගොඩබිමක සේයාවකුදු නොමැත.මම පිටුපස කොනට ඇවිද යමි.කුමක් දෝ උපකරණයක් අතැතිව අහස දෙසද සයුර දෙස ද බලමින් කල්පනාවේ නියැලෙන මැදි වයස් තරබාරු කපිතාන් මා ඇස ගැටේ.

“සුබ උදෑසනක් කපිතාන්!” මම සතුටෙන් ඔහුට ආචාර කරමි.
“මේ උදේ මොනවට කියල සුබක්ද ළමයා..” ඔහු පිළිතුරු දෙයි. ඒ හඬේ ඇත්තේ ශක්තිමත් උපේක්ෂා සහගත බවකි.මේ මහා සයුර සමග නිරතුරු ගැටුම ඔහුගේ සිත තද කරන්නට ඇත.
“අවසන් තොටුපලට යන්න කොයි තරම් නම කලක් යාවිද කපිතාන්?”
“මගේ දරුවා...” ඔහු සිය රැවුල අතගායි. “අපි කොහොම නම් කියල තීරණය කරන්නද...”
මේ සැරිසරුම බොහෝ කල් ගත වන්නක් බව මගේ සිතට දැනේ. ඇතැම් විට සදාකල්!
මම මගේ කුටියට පැමිණ මේසය අසල හිඳ ගනිමි. මගේ අත නිරායාසයෙන් තීන්ත සහ පන්හිඳක් සොයයි. එකට ගොඩ ගැසූ හිස් කොළ මිටියක්ද මා අසල ඇත. මම එක් නැවුම් කොලය රැගෙන දිනය සටහන් කරමි.
19** ජුනි විසි දෙවන දා,
“නොනිමි සැරිසර”


{jcomments on}
YouTube
39
Online right now

Recently Viewed By Fans

More From The Eternal Voyage

Recent Events

35th Interact Installation Ceremony of St.Joseph's College, Colombo

35th Interact Installation Ceremony of St.Joseph's College, Colombo was held on the 17th of September, 2014 at the College auditorium from 2:30pm onwa...

Sisi Arundathee 2014

Sisi Arundathee is the most prestigious cultural extravaganza organized annually by the Students' Council of Faculty of Applied Sciences in University...