EVOCO - Wisdom Part Timers' Batch Party

Covers every aspect of Youth, Virtually.

Request Team XY to cover your event?

Forbidden Love : A Page from a Diary




alt Click here to read this in Sinhala !

The bell rang. Another end of a day. But there was some strange air in it, for this was the very end day of our class. Although the day started with smile, by the end of it there were tears in the eyes of both girls and boys. We all felt sad for we had to leave our loving miss, for we all were so bonded and spent a loving period of time there.

Well, more than I felt for my teacher, it felt deeply for me to leave ‘her’. I wouldn’t be able to see her ever again. I’d have to go to my village where I came from and that’ll be saying good bye to her forever. I felt tears filling my eyes, and that was a strange thing for me. I’ve been used to do farming with my father under the heavy sun and tears were such an alien thing for me. I tried to close my eyes tight to hide them but all my pals saw them no doubt. I just felt something cold pouring slowly on my cheeks. Girls were hugging our miss and crying.

I looked at her. What a beautiful creature she was. The face was flooding with a cute charm. The way her eyes twinkled when she smiled, the way her long mane of hair danced when she walked was irresistible. Through my tears I remembered the beautiful days we spent together in the class.

I was a rural guy who was destined to be mixed with the soil in my village, yet the principle of my village school made my way to the town where there was a new life waiting for me.

Her name was Nishara, a charming beautiful girl. Well, may be a tiny bit taller than me. We were so close to each other, especially in the last few days. In the beginning I was a bit afraid to get close to her but eventually my heart gave away and I fell for her deeply.

She was close to me like an own sister …mmmm…may be even more! I just can’t figure it out. I sometimes remembered my mother when I was with her. Although I filled many books, in my mine only her name was written all over. Yes, I loved her. I wrote so many things for her but I was unable to write the 3 words ‘I love you!’.

It was not because I was a poor guy or a laid back geek; I had a big reason for not doing so.
Therefore I’ve already decided to make my first love, just a sweet memory in my life.

“Yeah, it’s sad to leave our miss Asela, but what to do man, we all have to leave someone some day. Let’s go to her and say our good byes”.

I woke up from my dreamland from the voice of Viraj. He was my best pal. I didn’t even tell him about my feeling because of the big reason that was pulling me down. I was scared.

When Viraj and I went near her, still the girls were around.

alt Oh dear god!
She’s………. my own…….. Nishara……….
I had to leave my love forever. But she didn’t even know about my aching love for her. I was almost sobbing. I pulled myself together with a difficulty.

“We’ll go when the girls leave”

I told Viraj because of the strange stiffness in my heart.

At last we went to her. We bid her good bye and turned to leave. And she called me.

“Are you sad having to go back to the village, Asela?”

I completely broke down with those words and turned quickly away to hide my tears and a girl helped me choosing that moment to announce,

“Nishara Miss, come over, we arranged a little treat here.”

I couldn’t stand it anymore. I ran and took a bus to the place I stayed and collapsed on the bed. I cried all over.

I heard a familiar song coming from a nearby shop.

“Guruthumee ma…sisuwiyai oba, eth api eka panthiye…”

I heard those words in a different way.

alt “Good heavens, what I am thinking about. She is Nishara miss and I’m just a student in her class. Is this the reason I came all along to Colombo? The hopes of my teachers and my parents!!!”

I took a deep breath.

There was my suitcase under the bed covered with cobwebs. I put few of my cloths into it and came to the road to take the bust to Pettah. It was nearing mid night.

I sat near the shutter and I remember there was the beautiful face of Nishara miss flashed all over my mind. And in the next second…. I was sleeping…..

~27th June 1998~

alt සීනුව නාද විය. තවත් දවසක තවත් නිමාවක්. ඒත් අමුත්තක් තිබුණි. ඒ තමයි අපේ පන්තියේ අන්තිම දවස. හිනාවකින් දවස පටන් ගත්තත් ගැහැණු පිරිමි භේදයක් නැතුව හැමෝගෙම ඇස් වල කඳුලු. මිස්ස්ව දාල යන්න හැමෝටම දුකයි.ඒ අපි හැමෝම ආදරෙන් හිටිය නිසා.

මිස්ව දාල යනවටත් වඩා මට දුක එයාව දාල යන්න වෙන එකට.මට ආපහු ගමට යන්න වෙන එකට.එයාව ආයෙ කවදාවත් දකින්න නොලැබෙයි කියන බයට.ම්ගේ ඇස් වලත් කඳුලු.මටම පුදුමයි.අප්පච්චිත් එක්ක හේන් වල අවුවට කර වෙලා පුරුදු මට කඳුලු ආගන්තුකයි.ඇස් තද කරගෙන හංඟන්න හැදුවත් මම ඇරෙන්න අනික් හැමෝම ඒ කඳුලු දැක්ක මං හිතන්නේ.මට දැණුනෙ සීතල දෙයක් කම්මුල් වලින් ගලාගෙන යනව විතරයි.හැමෝම මිස්ව වටකරගෙන.සමහරු මිස්ව බදාගෙන අඬනවා.

මම එයා දිහා බැලුවා.ගොඩාක් ලස්සනයි.හිනාවෙනකොට ඇස් දෙක දිලිසෙන හැටි.ඇවිදිනකොට කොන්ඩෙ තාලෙට නැලවෙන හැටි....

කඳුලු අස්සෙන් මට හිනාවක් නැගුන මතකයි මොහොතකට.
මම මතක් කලා පන්තියෙ අපි ගෙවපු ලස්සන දවස්.

ගමේම පොලවත් එක්ක හැප්පිලා පොලවටම පස් වෙලා යන්න හිටිය මට මෙතනට එන්න ගොඩක් ම උදව් කලෙ ගමේ ඉස්කෝලෙ ලොකු මහත්තය.

එයාගෙ නම නිශාරා.ගොඩක් චාම්.මට වැඩිය ටිකක් විතර උසයි.අපි ගොඩාක් ලං වෙලා හිටියා.වැඩිපුරම අන්තිම කාලේ.මුල් දවස් වල නම් ටිකක් බයෙන් හිටියේ.ඒත් ටික ටික හිතින් ලං වුණා.

එයා මගේම සහෝදරියක් වගේ...... නෑ.... ඊටත් වඩා......

මට හිතාගන්න බෑ….

එයා ලඟදි මට මගේ අම්මගෙන් ලැබෙන සෙනෙහස මතක් නොවුණ නෙමෙයි වෙලාවකට.කලු ලෑල්ලෙ කොච්චර දේ ලියවුනත් මගේ ඇස් දෙක තිබුනෙ එයා ලඟ.පොත් වල කොච්චර දේවල් ඇන්දත් මගේ හිතේ ඇඳුනෙ එයාගෙ රූපේ.

ඔව්. මම එයාට ආදරය කලා.පොත් වල කොයි තරම් දේ ලිව්වත් 'මම ඔයාට ආදරෙයි' කියන වචන තුන ලියාගන්න මට පුලුවන් වුනේ නෑ.ඒ මම දුප්පත් නිසාවත් ඔතෑනි කමක් නෙමෙයි.ඒකට ලොකු හේතුවක් තිබුණා.

ඒ නිසා මගේ කුළුඳුල් ආදරේ මතකයක් විතරක් කරගන්න මම තීරණය කරල තිබුණා.

"මිස්ව දාල යන්න දුකයි තමයි අසේල.ඒත් මොනව කරන්නද.හැමෝටම හැමෝවම දාල යන්න වෙනවනෙ ඉතින් කවදහරි.යමු.ගිහින් මිස්ට වැඳල මිස් එක්ක කතා කරමු."

හීන ලෝකෙ හිටපු මම ඇහැරුනේ විරාජ්ගෙ කටහඬින්.මගෙ හොඳම යාලුව.ඔහුටවත් මගෙ හිත මම නොකිය හිටියෙ අර ලොකු හේතුව නිසා.මගෙ හිතේ බයක් තිබුණ.

විරාජ් එක්ක මම මිස් ලඟට යනකොටත් ගෑණු ළමයි මිස්ව වටකරගෙන.

alt දෙවියනේ......එයා.......මගේ නිශාරා..........

මට මගේ ආදරේ දාල යන්න වෙනවා...ඒත් එයා මේ මොකුත් දන්නෙවත් නෑ.මගේ උගුර හිරවෙනව දැනුන මට.මම බොහොම අමාරුවෙන් හිත තද කරගත්ත.

"අපි කෙල්ලො යනකන් ඉඳල යමු"

මම විරාජ්ට කිව්වෙ හිතට දැණුනු නුහුරු හැඟීම නිසාමයි.
අන්තිමට අපි මිස් ලඟට ගියා.මිස්ට වැඳල ඉක්මන්ට යන්න හදද්දි මිස් මට කතා කලා.

"අසේලට දුකයි ද ආපහු ගමට යන්න වෙන එකට?"

හිරකරගෙන හිටිය කඳුලු එලියට පැන්නා.ඒ වෙද්දිත් මම අනික් පැත්ත හැරිල හිටියේ. කඳුලින් තෙත් වෙච්ච මූණ හංඟගන්න දඟලපු මට ගෑණු ළමයෙක් උදව් කලේ මෙන්න මෙහෙම,

"නිශාරා මිස්, ටිකකට මේ පැත්තට එනවද? අපි පොඩි ට්‍රීට් එකක් ලෑස්ති කලා."

මට තවත් එතන ඉන්න බැරි වුණා. තුම්මුල්ලෙන් බස් එකට නැගල මම කෙලින්ම නතර වුනේ බෝඩිමේ ඇඳ උඩ.එහා පැත්තෙ කඩේකින් මේ සිංදුව ඇහුණා.

"ගුරුතුමී මා...සිසුවියයි ඔබ..ඒත් අපි එක පංතියේ..."

ඒ ටික මට ඇහුණෙ වෙනස්ම විදියකට.

දෙවියනේ....මම මොනවද මේ හිතන්නේ....?
alt
එයා නිශාරා මිස්.මම එයාගෙ පන්තියෙ ළමයෙක්.මම කොළඹ ආවෙ මේකට ද? මගේ අම්මගෙ තාත්තගෙ, ගමේ ඉස්කෝලෙ සර්ගෙ බලාපොරොත්තු?

මම ලොකු හුස්මක් ගත්තා.
ඇඳ යට තිබ්බ මකුලු දැල් බැඳිච්ච සූට් කේස් එක එලියට අරන් හැමතැනම විසිරිල තිබ්බ ඇඳුම් ටික ඒකට ඔබා ගෙන පාරට බැස්සෙ පිටකොටුවට යන බස් එක අල්ලගන්න. හොඳටම රෑ වෙලා....

බස් එකේ ජනේලෙට හෙත්තු වෙච්ච මගේ හිතේ නිශාරා මිස්ගෙ ලස්සන මූණ ඇදිල තිබුණ මතකයි.

එහෙම්මම මට නින්ද ගිහින්.....

~1998 ජුනි 27~

{jcomments on}
YouTube
119
Online right now
2014
November
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun

Recently Viewed By Fans

More From 100% Fan Made

Recent Events

IIHS Graduation Ceremony 2014

International Institute of Health Sciences Annual Graduation Ceremony 2014 was held on 27th of November 2014 at Taj Samudra Colombo from 6.00pm onward...

Flair 2014 - NSBM

Flair, an acoustic night organized by the National School of Business Management featuring performances by the NSBM students was held on the 27th of N...