Sri Lanka vs England | The Only T20

Category: Sports
Created on Monday, 25 July 2011 00:00
Last Updated on Sunday, 17 March 2013 00:06
Written by Ignatious Jayathilake
alt England vs Sri Lanka | The Only T20 June 25th 2011, at Bristol, England.
England 136 / 9 (20ov) Sri Lanka 137 / 1 (17.2ov) | Sri Lanka won by 9 wickets.

The only T20 encounter between Sri Lanka and England took place today(2011-Jun-25) in Bristol, England. Thilina Kandambi lead the Sri Lankan squad while Stuart Broad lead the England team. The match was held as a day & night match.

Sri Lanka won the toss and elected to bowl first.

England couldn't start up well as Sri Lankan opening bowlers took two wickets for just 12 runs on the board. Kevin Pieterson & Morgan built up a good partnership of 83 runs and challenged the Sri Lankan bowling attack a bit. It was Lasith Malinga who broke that partnership and took Morgans wicket. Then it was Sanath Jayasuriya who came in to the attack and took Pietersons wicket and there after none of the following England batsmen couldn't manage a good partnership to take England to a good total. England's innings ended up on 136/9 in their 20 overs and concerning Sri Lankan batting line up they felt that they were 20-30 runs behind on the score that they could have achieved on that pitch.

Unlike the unsuccessful test series it was a pretty decent bowling and fielding attack by the Sri Lankans today. The only mistake to point out is the dropped catch by Angelo Mathews in the 9th over of the England Innings. Thisara Perera was the only unsuccessful bowler(Conceded 35 runs in just 2 overs) in todays Sri Lankan bowling session while all other bowlers were very successful considering T20 format.

Mahela Jayawardena and Sanath Jayasuriya opend the Sri Lankan batting session and they gave a reasonable good start to the Sri Lankan innings. Sri Lanka lost Sanath Jayasuriya [8(8)] as the 1st wicket when the score board looked as 40/1. Then Kumar Sangakkara joined with Mahela Jayawardena and they never gave any chance for the England bowlers to drive the game on Englands way. Mahela scored 72(not out) runs in 57 balls while Sangakkara scored 43(not out) in 39 balls.

1st wicket : MJ Lumb c Malinga b Lakmal 2 (6b 0x4 0x6) SR: 33.33 [Fol : 3/1]
2nd wicket : C Kieswetter c Kandamby b Kulasekara 4 (7b 0x4 0x6) SR: 57.14 [Fol 12/2]
3rd wicket : EJG Morgan c Jayawardene b Malinga 47 (32b 4x4 3x6) SR: 146.87 [Fol 95/3]
4th wicket : KP Pietersen b Jayasuriya 41 (27b 3x4 2x6) SR: 151.85 [Fol 101/4]
5th wicket : SR Patel run out 0 (3b 0x4 0x6) SR: 0.00 [Fol 102/5]
6th wicket : RS Bopara b Jayasuriya 19 (22b 1x4 0x6) SR: 86.36 [Fol 125/6]
7th wicket : LJ Wright c Perera b Lakmal 9 (12b 0x4 0x6) SR: 75.00 [Fol 131/7]
8th wicket : CR Woakes c Mathews b Malinga 7 (9b 0x4 0x6) SR: 77.77 [Fol 136/8]
9th wicket : SCJ Broad run out 0 (3b 0x4 0x6) SR: 0.00 [Fol 136/9]

Man ot the match : Mahela Jayawardene.

Sri Lanka line up : Jayasuriya, Jayawardene, Sangakkara, Mathews, Kandamby, J Mendis, Kulasekara, Perera, Malinga, Randiv, Lakmal.

England Line up : C Kieswetter†, MJ Lumb, KP Pietersen, EJG Morgan, RS Bopara, LJ Wright, SR Patel, GP Swann, SCJ Broad*, CR Woakes, JW Dernbach
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මෙම තරඟවාරයේ පවත්වන එකම T20 තරඟය අද (2011-Jun-25) එංගලන්තයේ බ්‍රිස්ටල් හිදී පැවැත්විණි. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය අද දින ලබා දුන්නේ තිලින කණ්ඩම්බි වන අතර එංගලන්තය කණ්ඩායම මෙහෙයවූයේ ස්ටුවර්ට් බ්‍රෝඩ්ය. දිවා රාත්‍රී තරඟයක් ලෙස මෙය පවත්වන ලදී.

ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු යැවීමට දීමට තීරණය කරන ලදී.

ටෙස්ට් තරඟාවලියේදී එතරම් සාර්ථක නොවුණු ශ්‍රී ලංකා පන්දු බල ඇණිය මෙම තරඟයේදී දක්ෂ ලෙස තරඟයට අවතීර්ණ වීම සතුටට කරුණකි. ලකුණු තත්වය 3ක්ව පවතින විට සුරංග ලක්මාල් පළමු කඩුල්ල ලෙස MJ Lumb දවා ගත්තේය. මාලිංග අතට උඩ පන්දුවක් ලබා දුන් ඔහු ලකුණු 2 කට දැවී ගියේය.

දෙවන කඩුල්ල ලෙස C Kieswetter ලකුණු 4 කට දවා ගැනීමට නුවන් කුලසේකරට හැකිවිණි. ලකුණු පුවරුව එවිට 12/2 ක් සේ දිස්විණි.

පසුව මෝර්ගන් හා පීටර්සන් ලංකා පිලට අබියෝගයක් එල්ල කරමින් තෙවන කඩුල්ල සඳහා ලකුණු 83 ක සම්බන්දතාවක් ගොඩ නැගීමට සමත් විය. ලසිත් මාලිංග EJG Morgan ව ලකුණු 47 කට දවා ගැනීමත් සමග එංගලන්ත ඉනිමේ කඩා වැටීම ඇරඹුණි.

4 වන කඩුල්ල ලෙස KP Pietersen දවා ගැනීමට සනත් ජයසුරිය සමත් විය. ඔහු 151.85 ක ලකුණු ලබා ගැනීමේ වේගයක් සමග ලකුණු 41 ක් පන්දු 27 කදී ලබා ගැනීමට සමත් විය.

පසුව පැමිණි SR Patel ලකුණු නොලබා දුවද්දී දැවීයාමකට හසුව ක්‍රීඩා ගාරය වෙත යාමට සිදු වුයේ මහේල ජයවර්ධනගේ සුපිරි පන්දු රැකීමක් හේතුවෙනි.

ඉතාම සෙමින් පන්දුවට පහර දුන් RS Bopara ද 6 වන විකට්ටුව ලෙස දවා ගැනීමට සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක සනත් ජයසූරියට හැකිවිණි. ඔහු පන්දු 22 කට මුහුණ දී ලකුණු 19 ක් ලබා ගැනීමට සමත් විය.

හත් වන විකට්ටුව ලෙස පිටියෙන් ඉවත් වුයේ LJ Wright ය. සුරංග ලක්මාල් ගේ පන්දුවක් හමුවේ තිසර පෙරේරා වෙත උඩපන්දුවක් ලබා දී ලකුණු 9 කට ඔහු දැවී ගියේය.

CR Woakes 8 වන කඩුල්ල ලෙස ලකුණු 7 ලබා සිටියදී ඇන්ජෙලෝ මැතිව්ස් වෙත උඩපන්දුවක් ලබා දී දැවීගියේ ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේය.

තරඟයේ අවසන් පන්දුවේදී එංගලන්ත නායක SCJ Broad ලකුණු නොලබාම දුවද්දී දවියමකට හසුව දැවී ගියේ ලසිත් මාලිංග එවූ පන්දුවක් හමුවේ ලසිත් මාලිංග විසින්ම ඔහු දිව එමින් සිටි අන්තයේ කඩුල්ල බිඳ දැමීම නිසාය.

තරඟයේ මුල් භාගයේදී තරඟයේ වැඩි වාසියක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිණි. ඔවුන් අතින් සිදුවූ එකම දුර්වල පන්දු රැකීමේ අවස්ථාව වුයේ තරඟයේ 9 වන පන්දු වාරයේදී ඇන්ජෙලෝ මැතිව්ස් අතින් උඩ පන්දුවක් ගිලිහි යාම පමණි. සමස්තයක් වශයෙන් ඉහල ගනයේ පන්දු යැවීමක හා පන්දු රැකිමක ශ්‍රී ලංකා පිල නිරත විය. තිසර පෙරේරා (පන්දු වාර 2 කදී ලකුණු 35ක් ලබා දුනි)හැරුනුකොට අනෙක් සියලුම පන්දු යවන්නන් මෙම තරඟයේදී සාර්ථකවීම ඉදිරි එක්දින තරඟ පිළිබඳව වැඩි බලාපොරොත්තු ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන් තුල ඇති කරවීමට සමත්ව ඇත.

පන්දුවට පහරදීමට පිටියට පිවිසි මහේල ජයවර්ධන හා සනත් ජයසුරිය සැලකියයුතු සාර්ථක ආරම්භයක් ශ්‍රී ලාංකීය ඉනිමට ලබා දුනි. මෙහිදී වැඩි දායකත්වයක් ලබාදුන්නේ මහේල ජයවර්ධනය. සනත් ජයසුරිය ලකුණු 8 කට පීටර්සන් අතට උඩපන්දුවක් ලබා දී දැවී ගිය පසු පිටියට පැමිණි කුමාර සංගක්කාර මහේල ජයවර්ධන හා එක්ව එංගලන්ත පන්දු යවන්නන්ට තරඟය හැසිරවීමට කිසිම අවස්ථාවක් ලබා නොදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ගෙන යාමට සමත් විය. මහේල ජයවර්ධන ලකුණු 72 (නොදැවී) පන්දු 57 කදී ලබා ගත් අතර කුමාර සංගක්කාර ලකුණු 43(නොදැවී) පන්දු 39 කට මුහුණ දී ලබාගත්තේය.

තරඟයේ වීරයා සම්මානය මහේල ජයවර්ධනට හිමිවිණි.

ශ්‍රී ලංකා පිල : සනත් ජයසුරිය, මහේල ජයවර්දන, කුමාර සංගක්කාර, ඇන්ජෙලෝ මැතිව්ස්‌, තිලින කණ්ඩම්බි, ජීවන් මෙන්ඩිස්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, ලසිත් මාලිංග, සුරාජ් රන්දිව්, සුරංග ලක්මාල්

එංගලන්ත පිල : C Kieswetter†, MJ Lumb, KP Pietersen, EJG Morgan, RS Bopara, LJ Wright, SR Patel, GP Swann, SCJ Broad*, CR Woakes, JW Dernbach
{jcomments on}
hits: 201589